සහනාධාර තොගයක් ගාසා තීරයට



කුවේටය සහනාධාර තොගයක් ඊජිප්තුව හරහා ගාසා තීරයට යැවීමට කටයුතු කර ඇ.ති බව වර්තා වේ.

ගාසා තීරයේ අවතැන් වී සිටින ජනතාවට බෙදාදීම සඳහා ‍ගුවන් යානා 2කින් සහනාධාර තොගයක් ඊජිප්තුවට යැවීමට කුවේටය පසුගියදා කටයුතු කර ඇති අතර, මේවනවිට යවා ඇති මුළු ගුවන්යානා සංඛ්‍යාව අටක් වේ.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මෙන්ම පුණ්‍යායතනද සහනාධාර තොගය යැවීමට සහයෝගය ලබාදී ඇත.

2023 ඔක්තෝබර් 23 වන දින සිට ගාසා තීරයේ ජනතාවට උපකාර කිරීම සඳහා කුවේටය සහනාධාර මෙහෙයුමක් ආරම්භ කළේ ය

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට නගරය)

RECOMMEND POSTS