සබඳතා ශක්තිමත් කර ගනියි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේන්රාජ්‍යය අතර ස්ථීර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

අබුඩාබි නුවර පැවති “එමිරේට්ස්-බහාරේන් ඒකාබද්ධ කමිටුවේ“ 11 වන රැස්වීමට සහභාගි වු බහාරේන් විදේශ අමාත්‍ය, ආචාර්ය අබ්දුල්තිෆ් අල් සයානි එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් හමු වී සාකච්ඡා කර ඇත.

විවිධක්ෂේත්‍රයන් දියුණු කරගන්නා ආකාරය සහ දෙරටට බලපාන පොදු ගැටළු පිළිබඳව එහිදී අවධානය යොමු විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS