ශිෂ්‍යාවගේ ඝාතකයා එල්ලයි



ඊජිප්තු විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් 2022 වසරේ ඝාතනය කළ පුද්ගලයාට මරණ දඩුවම පසුගියදා ලබාදී ඇති බව වාර්තා වේ.

නයිරා අෂ්රෆ් නමැති ශිෂ්‍යාව සිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අමානුෂික ආකාරයෙන් මොහොමඩ් ඇඩෙල් නමැති පුද්ගලයා ඝාතනය කළ අතර, ඝාතනය සිදුකර ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ ජාල වෙබ් අඩවි තුළ සංසරණය වීමෙන් පසු අන්තර්ජාතික වශයෙන් මහත් කතාබහක් ඇති විය.

2022 ජූනි 29 වන දින චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු ඇඩෙල්ට මරණ දඬුවම නියම විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS