වීසා නැතිව ඕමාන් යන්න පුළුවන්



ඕමානය සංචාරකයින්ට වීසා නොමැතිව සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.

සිය සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා රටවල් 103 ක සංචාරකයින්ට දින 14 ක කාලයක් වීසා ලබාගැනීමකින් තොරව රැඳී සිටීමට අවස්ථාව ලබාදී ඇත.

පෘතුගාලය, ස්වීඩනය, නෝර්වේ, ඉතාලිය, බල්ගේරියාව, ස්විට්සර්ලන්තය, ක්‍රොඒෂියාව, හංගේරියාව, සර්බියාව, ජෝර්ජියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, ග්‍රීසිය, අයිස්ලන්තය, බෙල්ජියම, රුමේනියාව, ස්ලෝවේනියාව, ෆින්ලන්තය, ලක්සම්බර්ග්, මෝල්ටා, මොනාකෝ, සයිප්‍රසය, සයිප්‍රසය, සයිප්‍රස් ජනරජය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, එක්සත් රාජධානිය, පෝලන්තය, ස්ලෝවැකියාව, ප්‍රංශය, නෙදර්ලන්තය, වෙනිසියුලාව, කොලොම්බියාව, උරුගුවේ, පැරගුවේ, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ජපානය, තායිලන්තය, දකුණු අප්‍රිකාව, රුසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, තුර්කිය, දකුණු කොරියාව, නවසීලන්තය, ඉරානය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, තායිවානය, කැනඩාව, මැලේසියාව සහ සිංගප්පූරුව එම රටවල්වලින් කීපයක් වේ.

දින 14 පසුව වීසා කාලය දීර්ඝ කිරීම සඳහා ගාස්තුවක් අය කරන අතර, ඉන්දියානු සංචාරකයින්ට පැමිණීමෙන් පසු වීසා ලබා ගත හැකිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)


RECOMMEND POSTS