විශාල ගින්නකින් 16ක් මරුට: 9කට තුවාල



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර අල්-රාස් නගරයේ මහල් ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇති වී ඇති බව වාර්තා වේ.

එම ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

සිව්වන මහලේ හටගත් ගින්න මිනිත්තු හයක් ඇතුළත ගොඩනැගිල්ල පුරා පැතිරී ගිය බවත්, ආරක්ෂක හේතූන් මත ගොඩනැගිල්ල මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ගින්නෙන් පසු කුලී නිවැසියන්ට නිවාස අහිමි වී ඇති බවත්, නැවත දැනුම් දෙන තුරු වෙනත් ස්ථානයක රැඳී සිටින ලෙස උපදෙස් දී ඇති බව Khalej Times වෙබ් අඩවිය වාර්තා කරයි.

ගින්න ඇති වු ආකාරය පිළිබඳව සෙවීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS