විදේශිකයින්ට රජයේ රැකියා නෑ: කුවේටය කියයි



කුවේටයේ රජයේ රැකියාවලට විදේශිකයින් පත් කිරීම නැවැත්වීමට නීති ගෙන ඒමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතික සභාවේ කථානායක, අහමඩ් අල් සාදූන් අදාල නීති කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

කුවේට් පුරවැසියන්ට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා නීති කෙටුම්පත ඉදිරි පත් කර ඇති බව කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

නීති කෙටුම්පත මගින්, රාජ්‍ය අංශයේ රැකියා සඳහා සීමාවන් ගණනාවක් යෝජනා කර ඇත.

නීතියේ 2 වැනි වගන්තියේ සඳහන් වන්නේ, යම් තනතුරක් පිරවීම සඳහා කුවේට් ජාතිකයන් නොමැති නම් මිස "රාජ්‍ය අංශයේ රැකියා කුවේට් ජාතිකයින්ට පමණක් සීමා වේ" යන්නයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS