විදෙස් ඇමැතිවරුන්ගේ හමුවක්



රුසියා, සිරියා, ඉරාන සහ තුර්කි විදෙස් ඇමැතිවරුන්ගේ හමුවක් රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්විණි.

මෙම විදෙස් ඇමැති හමුවේ ප්‍රධාන අරමුණ තුර්කිය සහ සිරියාව අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීම යැයි පැවැසෙයි. රුසියාව සහ ඉරානය මැදහත්කරුවන් ලෙස කටයුතු කළේය.

සිරියාවත් තුර්කියත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ සිරියානු සිවිල් යුද්ධයේ දී තුර්කියේ සහාය බටහිර සහාය ලබන සිරියානු විපක්ෂයට හිමිවීමත් සමඟය.

තුර්කිය සිරියානු විපක්ෂයට සහාය දක්වද්දී සිරියානු සිවිල් යුද්ධයේ දී ඉරානයේත් රුසියාවේත් සහාය හිමිවූයේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයටය.

(රොයිටර්)

 


RECOMMEND POSTS