විද්‍යුත් වීසා වලට සෞදියේ අනුමැතිය



සෞදි අරාබිය ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල පදිංචිකරුවන්ට ඒකාබද්ධ විද්‍යුත් වීසා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, විද්‍යුත් වීසා බලපත්‍රයක් ලබාගන්නා පුද්ගලයකුට වසර කාලයක් සහ සංචාරක විද්‍යුත් විසා ලබා ගන්නා පුද්ගලයකුට සංචාරය කිරීම සඳහා දින 90ක කාලයක් සෞදි අරාබියේ රැදි සිටිමට අවස්ථාව හිමි වෙයි.

විද්‍යුත් වීසා සේවාව අනුමත කිරීම සම්බන්ධයෙන් සල්මාන් රජුට සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට සෞදි සංචාරක අමාත්‍ය අහමඩ් අල් කතීබ් ස්තුතිය පුද කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - රියාද් නුවර)

RECOMMEND POSTS