වාහන මිලියන 1.6 වඩා ලියාපදිංචි කරලා



ඕමානයේ 2023වර්ෂය තුළලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාව මිලියන 1.6ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 නොවැම්බර් මාසයඅවසන් වන විට ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛයාව 1,660,803 දක්වා ඉහළ ගොස් ඇති බව ඕමාන් සංඛ්‍යාලේඛන සහ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවල සඳහන් කර ඇත.

ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාවෙන්සියයට 79.54ක් පෞද්ගලික වාහන වන අතර, සංඛ්‍යාත්මකව 1,321,231කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(TimeofOman - මස්කට් නුවර)

RECOMMEND POSTS