වස දීම පසුබස බටහිර බලවේග ඉන්නවා



ඉරානයේ බාලිකා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර දැමීමේ අරමුණින්, බාලිකාවන්ට වසදීම සිදුවන අතර එය පසුපස අන්තවාදී බටහිර බලවේග සිටින බවට ඉරාන රජය දිගින් දිගටම චෝදනා කරයි.

බටහිර බලවේග එම වසදීම පසුපස සිටිනවා යැයි තමන්ට ප්‍රබල සාක්ෂි ලැබී ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසා ඇත.

වස දීම සිදුවන්නේ විෂ වායු ආඝ්‍රහණය කිරීමට සැලැස්වීමෙනි. බාලිකාවන් බොහෝ දෙනකු රෝගී වී රෝහල්ගත කෙරුණත් කිසිවකුගේ ජීවිතවලට අනතුරක් සිදු නොවිණි.

(රොයිටර්)


RECOMMEND POSTS