වරදකාරයෝ 612 ක්



භූමි කම්පාවකට හසුවුවහොත්, විනාශ වන බව දැන දැනම, නිසි ප්‍රමිතියකින් තොරව, නිවාස සහ ගොඩනැගිලි ඉදි කළ තුර්කි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්, ඉන්ජිනේරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 612 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත.

චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය 6 වැනිදා සිදුවුණු රික්ටර් පරිමාණයේ ඒකක 7.8 සහ 7.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවලින් නිවාස සහ ගොඩනැගිලි මුළුමනින්ම බිමට සමතලා වීමේ සිදුවීමෙන් අනතුරුවය.

තුර්කි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ චෝදනා ලැබූ 612 දෙනාගෙන් 184 දෙනකු අත්අඩංගුවට ගෙන එම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS