ලෝක බැංකුවෙන් බිලියන 1.78 ක්
භූමි කම්පාවෙන් විපතට පත්වූ තුර්කිය යළි ගොඩ නැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.78 ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව පොරොන්දු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත්තේ තුර්කියට සහ සිරියාවට සහාය දැක්වීමට මේ අවස්ථාවේ ලෝකය එකමුතු විය යුතු බවය.
භූමි කම්පාවලින් තුර්කියේ අසල්වැසියා වන සිරියාව ද කැලැඹිණි.
සිවිල් යුද්ධය හේතුවෙන් දෙකඩ වුණු සිරියාවට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හරහා පළමු ආධාර තොගය සිරියාවට ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(අල් ජසීරා)