ලොව පළමු රොබෝ අක්මා බද්ධය සාර්ථකයි
සෞදි අරාබිය අක්මා බද්ධ කිරීම සඳහා අති නවීන රොබෝ තාක්ෂණයසම්පූර්ණයෙන් යොදාගන්නා බව වාර්තා වේ.
ෆයිසාල් රජු විශේෂඥ රෝහලේ අවයව බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම ලොව ප්‍රථම පූර්ණ රොබෝ අක්මා බද්ධය සාර්ථකව සිදු කර ඇත.
මද්‍යසාර නොවන අක්මා සිරෝසිස්සහ හෙපටොසෙලියුලර් පිළිකාරෝගවලින් පීඩා විදිමින් සිටි 66 හැවිරිදි සෞදි ජාතිකයෙකුට මෙම බද්ධ කිරීම සාර්ථකව සිදුකර ඇති අතර, රෝගියා සැප්තැම්බර් 06 දින රෝහලෙන් පිටව ගොස් ඇත.
කුඩා කැපුමකින් උපකරණ ශරීර ගත කිරීමට හැකිවීම, ශල්‍යකර්මය සඳහා යන කාලය අවම වීම, ඉතා ඉක්මණින් සුවපත් වීම සහ සංකූලතා අවම වීම මෙහි ඇති විශේෂත්වයයි.
ශල්‍යකර්මය සාර්ථකවීම ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සැලකේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)