ලෙබනන් දේශපාලනඥයන්ට සම්බාධක



යුරෝපා සංගමයේ ලෙබනනයේ දේශපාලනඥයන්ට එරෙහිව සම්බාධක පැනවීමට සූදානම් වන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෙබනනයේ පාලක ප්‍රභූ පන්තියේ අවපාලනය හේතුවෙන් යුරෝපා සංගමය මහත් කනස්සල්ලට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් මෙලෙස ලෙබනනයේ දේශපාලනඥයන්ට සම්බාධක පැනවීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෙබනනය යනු යුරෝපා සංගමයේ මැද පෙරදිග කලාපයේ සිටින මිත්‍ර රටකි.

ලෙබනනය කලක් ප්‍රංශයේ යටත් විජිත රාජ්‍යයක් යටතේ පැවැති අතර පසුගිය වසරේ ලෙබනන බේරූට් අගනුවර බේරූට් වරායේ සිදු වූ මහ පිපිරීමෙන් පසු එරට මුහුණ දෙන අර්බුද තවදුරටත් උග්‍ර අතට හැරිණි.

ප්‍රංශය ඇතුළු රටවල් රැසක් ලෙබනනයට ආධාර ලබාදුන් අතර ආණ්ඩුවක් පිහිටුවා එරට මුහුණ දී සිටින්නැයි එම රටවල් ලෙබනනයට අවධාරණය කළේය.

කෙසේ නමුත් මේ වනවිට මාස දහයක් ගත වී ඇති නමුත් ආණ්ඩුවක් පිහිටුවීමට ලෙබනන පාලකයෝ අසමත්ව සිටිති.

මේ වනවිට ලෙබනන දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර අධි උද්ධමනය, නිරන්තරයෙන් විදුලිය ඇණ හිටීම, ඉන්ධන සහ ආහාර හිඟයන් ඇතුළු අර්බුද රැසකට මුහුණ දී සිටියි.

රොයිටර්


RECOMMEND POSTS