ලෙබනන් අගමැති වෙන්න මිකාටි සූදානම්



නව රජයක් පිහිටුවීමට, ලෙබනනයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නජීබ් මිකාටි සූදානම් වෙයි. ලෙබනන් පාර්ලිමේන්තුවේ සුන්නි, ෂියා ඇතුළු සියලු දේශපාලන කණ්ඩායම්, නජීබ් මිකාටි ට සහාය පළ කරන බවට ප්‍රතිඥා දී තිබේ.

65 හැවිරිදි මිකාටි, 2005 සිට 2011 දක්වාත් ඉන්පසු 2014 දක්වාත් ලිබියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. මිකාටි ලෙබනනයේ ධනවත් ව්‍යාපාරිකයකු වන අතර, රට මුහුණ දී තිබෙන දේශපාලනික සහ ආර්ථික අර්බුදය විසඳීමට පැහැදිලි දැක්මක් ඔහුට ඇතැයි ඔහුට සහාය පළකිරීමට ප්‍රතිඥා දුන් දේශපාලන පක්ෂ පවසා ඇත.

සුන්නි සහ ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායම්වල පමණක් නොව, පසුගිය දා  ධුරයෙන් සමුගත් ලෙබනන් අග්‍රාමාත්‍ය සාද් හරීරිගේත් පාර්ලිමේන්තු කතා නායක නබී බෙරීගේත් සහාය නජීබ් මිකාටි ට හිමිවනු ඇතැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS