ලෙබනනය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරයි



ඊශ්‍රායලයේ ‘අල් අස්කා’ මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය උත්සන්න වීමත් සමඟ, ඊශ්‍රායලයට ලෙබනනයෙන් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල විය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේ, රොකට් ප්‍රහාර 34 ක්, ඊශ්‍රායලය දෙසට පැමිණි බවය.

එයින් රොකට් 30 ක් උඩු ගුවනේදීම විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියට හැකිවිය.

ඉතිරි හතර ඊශ්‍රායල භූමියට පතිත වුණු බවත්, ඒවායින් කාටවත් අනතුරක් සිදු නොවුණු බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු බාර ගෙන නැත.

ඊශ්‍රායලය චෝදනා කරන්නේ පලස්තීන හමාස් සංවිධානයට සහාය දක්වන, ලෙබනන් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාරය එල්ල කරන්න ඇති බවය.

‘අල් අස්කා’ මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් අර්බුදයක් මතුවූයේ එම පල්ලියට වන්දනා කිරීම සඳහා පැමිණි පලස්තීනුවන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පහර දීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි. ‘අල් අස්කා’ ජෙරුසියලමේ පිහිටි මුස්ලිම් පල්ලියකි.

ප්‍රහාරයෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ, ඊශ්‍රායලයේ සතුරන්ට කිසිදු සමාවක් ලබා නොදෙන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS