ලාබාලතම කඳු නගින්නිය වෙයි



ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද ජයගත් ලාබාලතම එමිරේට්ස් ජාතිකයා බවට 13 හැවිරිදි දැරියක් පත් ව ඇති බව වාර්තා වේ.

තමන්ට මෙම සුවිශේෂී සහ ජීවිතය වෙනස් කරන අභියෝගය ජය ගැනීමට ඇගේ ඥාති සහෝදරියන් ඇයව පොළඹු බව ආය ෆාකිහ් නම් දැරිය ප්‍රකාශ කළ බව කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ ය.

කඳු නැගීම ඇගේ ජීවිතයේ මෙතෙක් කර ඇති දුෂ්කරම දෙය බවත්, මුහුණදීමට සිදු වු ලොකුම අභියෝගය වූයේ ඇය පාදවලින් ලේ ගලමින් සහ ඔක්සිජන් මට්ටම පහත වැටීමත් සමඟ අධික ලෙස ඔක්කාරය දැනීමත් සමඟ අවසන් රාත්‍රියේ කඳු මුදුනට ඇවිදීම බවත්, අවම නින්දක් ලබාගෙන අභියෝජය ජයගැනීමට අවශ්‍ය වු බව දැරිය ප්‍රකාශ කළ බව කලීජ් ටයිම්ස් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS