රුසියාව-චීනය-ඉරානය යුද අභ්‍යාසයක



චීනය සහ ඉරානය ද හවුල් කර ගනිමින් නාවික යුද අභ්‍යාසයක් අරාබි මුහුදේ ආරම්භ කිරීමට රුසියාව සූදානම් වෙයි.

චීනය සහ ඉරානය සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ යැයි ද පැවැසෙයි.

රුසියානු ආරක්ෂක අමත්‍යාංශයට අනුව, හෙට (17) සිට ඉරානයේ චබහාර් වරාය කේන්ද්‍රකොට ගනිමින් අරාබි මුහුදේ මෙම නාවික අභ්‍යාසය ආරම්භ කෙරෙනු ඇත.

රුසියන්, නචී සහ ඉරාන නාවික හමුදාවලට අයත් යුද නැව් සහ යාත්‍රා ඊට සහභාගී වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS