රැකියා බලපත්‍ර 10,000කට වඩා අවලංගු කරයි



කුවේටය රැකියා බලපත්‍ර 10,000කට වැඩි සංඛ්‍යාවක් ළඟදීම අවලංගු කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

රැකියා බලපත්‍ර අවලංගු කිරීම ඊද් අල්-ෆිතර් නිවාඩුවෙන් පසුව ආරම්භ කරන බව කුවේට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මාස 6කට වැඩි කාලයක් විදේශගත වී ඇත්නම් හෝ පිටුවහල් කරනු ලැබුවේ නම් හෝ

නිවැරදි තොරතුරු ලබාදීමට අපොහොසත් වන හෝ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීම හෝ වෙනත් කරණු මත රැකියා බලපත්‍ර අවලංගු කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS