රටවල් රැසක් ඝාතනය හෙලා දකී



හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඉරානයේ තෙහෙරාන් අගනුවරදී ඝාතනය වීම රටවල් බොහොමයක් හෙලා දැක ඇත.

එම රටවල් අතර ඔස්ට්‍රේලියාව, චීනය, රුසියාව, ඊජිප්තුව, මැලේසියාව, කටාරය සහ තුර්කිය සිටී.

හමාස් නායකයා ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඒය කලාපීය අර්බුදයක් දක්වාත් පසුව ගෝලීය අර්බුදයක් දක්වාත් ඔඩු දුවනු ඇතැයි ඒම රටවල් පෙන්වා‌ දී ඇත.

ඊට අමතරව, යේමනයේ හවුති සටන්කාමීන්, පලස්තීතී ජිහාද් සංවිධානය, පලස්තීන පාලන අධිකාරිය, හිස්බුල්ලා සංවිධානය ද ප්‍රහාරය හෙලා දකිමින් ඊශ්‍රායලයට ‌දොස් නගා ඇත.


RECOMMEND POSTS