රටවල් රැසක සහාය ගාසා පලස්තීනුවන්ට
ගාසා තීරයේ ‘අල් අහ්ලි’ රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 දෙනකු මිය යෑමේ සිද්ධියෙන් පසු ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පළ කරමින්, අරාබි මුස්ලිම් රටවල පමණක් නොව, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල ද විරෝධතා රැලි පැවැත්වෙයි.
‘අල් අහ්ලි’ රෝහලට තමන් පහර නොදුන් බවත්, එය ගාසා හමාස් සටන්කාමීන් වැරදීමකින් එල්ල කළ රොකට් ප්‍රහාරයක් බවත් ඊශ්‍රායලය තරයේ පවසා තිබේ.
කෙසේ නමුත් හමාස් සංවිධානය පවසන්නේ එය ඊහ්‍රායල ගුවන් හමුදාව හිතාමතා පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් බවය.
රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදිය, එමිරේට්ස් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව, ජෝර්දානය තුර්කිය තරයේ ඊශ්‍රායලයට විරෝධය සහ අප්‍රසාදය පළ කර තිබේ.
අල් අහ්ලි රෝහලට තම ගුවන් හමුදාව පහර නොදුන්නේ නම්, ඒ බව ඔප්පු කළ යුතු බවත්, එම අවස්ථාවේ රෝහල පිහිටි භූමියේ චන්ද්‍රිකා දත්ත ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත යුතු බවත් රුසියාව ඊශ්‍රායලයට පවසා තිබේ.