යේමනයට කොරෝනා එන්නත්



සිවිල් යුද ගැටුම් හේතුවෙන් අස්ථාවර වූ යේමනයට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවැක්ස්’ වැඩසටහන හරහා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී ඇත.

‘කොවැක්ස්’ වැඩසටහන හරහා යේමනයට ලැබී ඇත්තේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය වෙමින්, ‘කොවැක්ස්’ වැඩසටහන හරහා එන්නත් බෙදා හැරීම සිදුකරන්නේ යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලය.

යේමනයේ සෞඛ්‍ය අංශ සාමාජිකයන් ට පළමුවෙන් එන්නත් ලබා දීමට නියමිත අතර, ඉන්පසු වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එන්නත් ලබා දීමට නියමිත යැයි යේමන බලධාරීහු පවසති.

‘කොවැක්ස්’ වැඩසටහන යටතේ යේමනයට ප්‍රදානය කෙරුණේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතේ පළමු මාත්‍රා තොගයයි. එන්නත් මාත්‍රා මිලියන 1.9 ක් ඊට අයත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

සානාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS