යුක්රේන ජනපති ජෙඩා නුවරට පැමිණෙයි



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, 'ජී7' සමුළුවට සහභාගීවීමට පෙර, සෞදි අරාබියේ ජෙඩා නුවරට පැමිණියේය.

ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ලබා දුන් ප්‍රංශ හමුදාවට අයත් හමුදා ගුවන් යානයකිනි.

යුක්රේන ජනාධිපතිවරයා ජෙඩා නුවරට පැමිණියේ අරාබි ලීගය සමුළුව ඇමතීමටය. එහිදී රුසියන් ආක්‍රමණයේ දී යුක්රේනයට සහාය වෙන්නැයි සෙලෙන්ස්කී ඉල්ලීමක් කළේය. රුසියන් ආක්‍රමණය හමුවේ අසරණ වුණු තම රටට හමුදාමය වශයෙන් ද ආධාර ලබා දෙන්නැයි ජනාධිපති සෙලෙන්ස්කී ඉල්ලීමක් කළේය.

ඊයේ (20) ජපානයේ හිරෝෂිමා නුවර  පැවැත්වෙන 'ජී7' සමුළුවට සහභාගී වීමට සෙලෙන්ස්කී පැමිණියේ ඉන් පසුවය. එම ගමනට යොදා ගැණුනේ ද ප්‍රංශ හමුදා ගුවන් යානයයි.

රුසියන් ආක්‍රමණයෙන් පසු, යුක්රේනයට ඇමෙරිකාව සහ කැනඩාව පමණක් නොව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල ද සහාය නොඅඩුව හිමිවෙයි.

ප්‍රංශය යුක්රේන ජනාධිපතිවරයාට, ජපානයට යෑමට හමුදා යානයක් ලබා දීම රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS