මෝර ප්‍රහාරයකින් රුසියානුවෙක් මරුට



ඊජිප්තු වෙරළ ආසන්නයේ සිදු වු මෝර ප්‍රහාරයකින් රුසියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

රතු මුහුදේ හුර්ගාඩා නිකේතනයට ආසන්න වෙරළ කලාපයේ සිදු වු මෝර ප්‍රහාරයකින් රුසියානු පුරවැසියෙකු මිය ගිය බව රුසියානු කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කළේය.

පසුව, මෝරා අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර, මෝර ප්‍රහාර එල්ල වූ වෙරළ කලාපය තහනම් කර ඇති බවදැක්වෙන අනතුරු ඇඟවීමේ පුවරුද සවිකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS