මෝදි එමිරේට්ස් ජනපති හමුවෙලා



ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට ඩුබායි ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නර්නේද්‍ර මෝදි සහ එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ සමුළුවට සමගාමීවය.

දෙරට තඅරේ සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමුවූයේ ඊශ්‍රායල හමාස් අර්බුදයටය. ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් දිගටම පැවැතීම අවශ්‍ය බව රාජ්‍ය නායකයෝ දෙදෙනා ඒකමතිකව තීරණය කළහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS