මුහුදු බෝම්බයක් විනාශ කරයි



යේමනයේ හවුති ගරිල්ලන්ට අයත් මුහුදු බෝම්බයක් විනාශ කර ඇති බව වාර්තා වේ.

හවුති ගරිල්ලන්ට අයත් මුහුදු බෝම්බයක් රතු මුහුදේ පාවෙමින් තිබියදි හමු වු බවත්, එය විනාශ කිරීමට කටයුතු කළ බව සෞදි නායකත්වයෙන් යුත් සන්ධාන හමුදා ප්‍රකාශ කළේ ය.

ඉරානයේ නිෂ්පාදිත සාඩාෆ් වර්ගයේ මුහුදු බෝම්බයක් බව සෞදි රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා.

මුහුදු බෝම්බ හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය ගමනාගමනයට හා ගෝලීය වෙළඳාමට භයානක තර්ජනයක් විය හැකි බව සන්ධානය හමුදාව වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS