මුදල් නොගෙවා හිරේ යයි



ඩුබායි නුවර අවන්හලකට පහර දී විනාශ කිරීම හේතුවෙන් විදේශිකයන් 8 දෙනෙකුට සිරදඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

විදේශීය පුද්ගලයෙකු අවන්හලට පැමිණ සිසිල් බීම බෝතලයක් ලබාගෙන මුදල් නොගෙවා පිට වී යැමට උත්සහ කළ අවස්ථාවේදි ඇති වු ආරවුල යම් තරමක ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

ඉන් ටික වේලාවකට පසු,  ගඩොල් සහ පොලු රැගෙන තවත් හත් දෙනෙකු සමඟ පැමිණ අවන්හලට පහර දී අලාභ හානි සිදුකර ඇත.

අවන්හල විනාශ කර ඩිරාම් 26,000ක අලාභ හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අට දෙනෙකුට ඩුබායි අපරාධ අධිකරණය සිර දඬුවම් නියම කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS