මුදල් අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්



කුවේට් මුදල් අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

අමාත්‍යාංශයට අයත් එක් පද්ධතියකට සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවත්,  සාමන්‍ය පරිදි වැඩ කටයුතු සිදුකරන බව කුවේට් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

සයිබර් ප්‍රහාරයෙන් සිදු වී ඇති හානිය තවමත් තක්සේරු කරමින්සිටින බවත්, වැටුප් මාරුවීම්වලට කිසිදු බලපෑමක් දැනට සිදු වී නෙමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය )

RECOMMEND POSTS