මිලියන 3කට වඩා වැඩි ආදායමක්



සෞදි අරාබියේ පැවැත්වෙන “සෞදි ෆැල්කන්ස් ක්ලබ්“ වෙන්දේසියෙන් සෞදි රියාල් මිලියන තුනකට වඩා වැඩි ආදායමක් උපයා ගෙන ඇති බව වාර්තා වේ.

වෙන්දේසියේ 17දින උකුස්සන් හතර දෙනෙකු සෞදි රියාල් 385,000 කට අලෙවි කර ඇති අතර, මේ වනවිට සමස්ථ ආදායම සෞදි රියාල් 3,232,000 දක්වා ඉහළ ගොස් ඇත.

“සෞදි ෆැල්කන්ස් ක්ලබ්“  ආයතනය උකුස්සන් අයිතිකරුවන්ට නිවාස සහ ප්‍රවාහන පහසුකම් සපයයි.

වෙන්දේසිය රූපවාහිනී නාලිකා සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS