මියගිය ගණන 37,000 ක්



තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 37,000 පසු කර තිබුණි. භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් සහ පසුකම්පන 120 ක් පමණ හටගත් බව පැවැසෙයි.

තුර්කිය අයත් වන්නේ යුරෝපා කලාපයටය. යුරෝපා කලාපයේ වසර 100 කට පසු සිදුවුණු දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

භූමි කම්පාවලින් වැඩිම හානිය සිදුවූයේ තුර්කියටය. තුර්කියේ මියගිය ගණන වාර්තා වන්නේ 35,331 ක් ලෙසය. භූමි කම්පා හේතුවෙන් විපකට පත්වුණු තුර්කි සහ සිරියානු වැසියන් ගණන මිලියන 26 කි.

(රොයිටර්)


RECOMMEND POSTS