මැදපෙරදිගට ගුවන්ගමන් අඩු කරයි



ඉන්දියාව මැදපෙරදිග රටවල් කීපයකට ක්‍රියාක්මක කරනු ලබන ගුවන්ගමන් වාර ගණන තාවකාලිකව අඩුකිරීමට යන බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, කටාර් වෙත පියාසර ගමන් වාර ගණන තාවකාලිකව අඩු කරන බව එයාර් ඉන්දියා ගුවන් සමාගම නිවේදනය කළේ ය.

කාර්ය මණ්ඩලය සහ ගුවන් යානා හිඟය හේතුවෙන් ගුවන්ගමන් වාර ගණන අප්‍රේල් අවසාන සතියේ සිට මැයි මාසය දක්වා තාවකාලිකව අඩුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS