මනා විනාශයක ආරම්භය - අබ්බාස්
ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ නායකයා මෙන්ම, ගාසා තීරයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය, මහා ව්‍යසනයක ආරම්භය යැයි පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් ද බිය පළ කරයි.
පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. ගාසා තීරයේ බලය ඇත්තේ හමාස් සංවිධානය යටතේය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත අතර, ඉස්මායිල් හානියේ, දේශපාලනික අංශයේ නායකයාය.
පලස්තීන පාලන අධිකාරිය බටහිර ඉවුරේ ක්‍රියාත්මක අතර, පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මොහොමද් අබ්බාස්ය.
හානියේ ඝාතනය බියගුලු අමානුෂික ක්‍රියාවක් බවත්, එහි ප්‍රතිඵල කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද ඉතාමත් දරුණු තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවත් ජනාධිපති අබ්බාස් පැහැදිලි කර ඇත.
මේ අතර, තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සයීම් විශ්ව විද්‍යාලයේ, ඉස්ලාමීය සහ ගෝලීය කටයුතු පිළිබඳ අධ්යක්ෂ සාමි අල් අරියාන් පැහැදිලි කර ඇත්තේ ඊශ්‍රායලය ‘ලෙහා දමන ලද පිස්සු බල්ලකු’ ලෙස කටයුතු කරන බවත්, ඊශ්‍රායලය ඉරානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් හානියේ ඝාතනය කිරීම කුමන ආකාරයේ අයහපත් ප්‍රතිඵල අත්පත් කර දෙනු ඇතැයි සිතා ගැනීමට පවා නොහැකි බවය.
(ඒ.එෆ්.පී.)