මඟුල් ගෙදරකදී පිහියෙන් ඇනලා



කුවේටයේ විවාහ මංගල උත්සවයකදී අසල සිටි පුද්ගලයෙකුට පිහියෙන් ඇන පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සුදු පැහැති තොප්පියක් ඇඳගත් සැකකරු වම් පසින් ඇතුළු වී සාක්කුවෙන් තියුණු යමක් ගෙන වේදිකාවේ සිටගෙන සිටි අයෙකුට  ඇන පලා යන ආකාරය වීඩියෝ ගත වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

සැකකරු පිහි ඇනුමට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයා බවද කුවේට් පුවත්පත වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS