මඟ වැරදුණු කිඹුලා පාරේ යකා නටයි



සෞදි අරාබියේ අල්-කතිෆ් නගරයේ මාර්ගයක කිඹුලකු ගමන් කරමින් සිටියදි සොයාගෙන ඇත.

කිඹුලා මාර්ගය හරහා වේගයෙන් ඒ මේ අත දිව යන අයුරු සහ රියදුරන් දැඩි අපහසුතාවයකට පත් ව ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පත් ව තිබේ.

සෞදි වනජීවි සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ කිඹුලා අල්ලා ගෙන ගොස් ඇති අතර, පසුව නිවේදනයක්ද නිකුත් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS