භාෂා 11කින් කතා කරන රොබොට්ටෙක්



සෞදි අරාබියේ අබ්දුල්අසීස් රජුසංකීර්ණයට (ශුද්ධ වූ කබා කිස්වා)පැමිණෙන බැතිමතුන්  පිළිගැනීම සඳහා භාෂා 11කින් කතා කරන රොබෝ යන්ත්‍රයක් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම රොබෝ යන්ත්‍රය මඟින් සංකීර්ණය තුළ සපයනු ලබන සේවාවන් පිළිබඳව බැතිමතුන්ව දැනුවත් කරයි.

සෞදි දැක්ම 2030 අනුව, නවීන තාක්‍ෂණයන් භාවිතා කරමින් රොබෝවරයා නිර්මාණය කර ඇති අතර, දවස පුරා භාෂා කිහිපයක් කථා කිරීම හේතුවෙන් සංකීර්ණය තුළ ආකර්ෂණයට ලක් ව ඇත.

මූලික චිත්තවේගයන් සහ මුහුණු හඳුනා ගැනීමටත්, ස්පර්ශය සහ අත් චලනය හරහා අමුත්තන් සමඟ අන්තර්ක්‍රියා කිරීමටත් හැකියාව ඇත.

රොබෝවරයාගේ බර කිලෝග්‍රෑම් 29 ක් පමණ වන අතර, බැටරි ආයු කාලය පැය අටක් වේ.

එහි වේගය පැයට කිලෝමීටර 3 ක් වන අතර, විදුලියට සම්බන්ධ කළ විට එය නොනවත්වා ක්‍රියාත්මක කළ හැකිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS