බෝට්ටුවක් පෙරළීමෙන් 300ක් මියගිහින්



යේමනයට ආසන්න මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 300කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

රාස් අල්-අරා වෙරළ ප්‍රදේශයට ආසන්නව සිදු වු බෝට්ටු පෙරළීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක, ඩේවිඩ් ග්‍රෙස්ලි මේ බව ප්‍රකාශ කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඔහු ලබා දී නොමැත. 

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානය මෙම සිදුවීම ජුනි 14 වන දින ට්විටර් වෙබ් අඩවියේ පළ කර තිබේ.

ඉතියෝපියාව, එරිත්‍රියාව, සෝමාලියාව සහ ජිබුටි වැනි අප්‍රිකාවේ දුප්පත් රටවල සිට ධනවත් ගල්ෆ් රාජ්‍යයන් වෙත දිගු කාලයක් තිස්සේ සංක්‍රමණිකයන් මුහුදු මාර්ග ඔස්සේ රැකියා සොයා පැමිණෙන බවත්, එහි ඇති අවදානම ග්‍රෙස්ලිගේ අදහස් දැක්වීම්වලින් පෙන්වා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS