බොර තෙල් බැරල් මිලියන 230 ඉක්මවයි



ඕමානය 2023 සැප්තැම්බර් මාසය අවසන් වන විට බොර තෙල් බැරල් මිලියන 230 ඉක්මවා අපනයනය කර ඇති බව වාර්තා වේ.

2023 සැප්තැම්බර් අග වන විට අපනයනය කරන ලද මුළු බොර තෙල් බැරල් ප්‍රමාණය 230,292,300 කි.

ඕමානය බොරතෙල් ආනයනය කරන රටවල් ලැයිස්තුවේ චීනය (බැරල් 210,172,000ක්) ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, ජපානය (බැරල් 7,384,500) දෙවන ස්ථානයට පත්ව ඇත.

කොරියාව (බැරල් 2,851,600) තුන්වන ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව (බැරල් 2,716,200) හතර වන ස්ථනයේ පසුවෙයි.

අනෙකුත් රටවලට අපනයනය කර ඇත්තේ බොර තෙල් බැරල් 7,168,000 කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - මස්කට් නුවර)

RECOMMEND POSTS