බෙලරූස් ජනපති ඉරානයේ සංචාරයක



බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර හමුවක් පැවැත්විණි. ඒ, ලුකෂෙන්කෝ නිල සංචාරයක් සඳහා ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.

බෙලරූස් රාජ්‍යය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 30 ක් සපිරී ඇත. බෙලරූස් ජනාධිපතිවරයා ඉරානයට ගියේ ඉරානය සමඟ පවතින එම සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.

බෙලරූස් ජනාධිපති සමඟ විශේෂ නියෝජිත පිරිසක් ද ඉරානයේ තෙහෙරාන් අගනුවර බලා පැමිණි බව වාර්තා වේ. දේශපාලනික කටයුතු මෙන්ම ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

ජනාධිපති ලුකෂෙන්කෝ සහ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කොමේනී අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS