බිළිඳකුගේ උදරයේ කම්බි කෑලි පහක්



ඊජිප්තු වෛද්‍යවරුන් පිරිසක් මාස තුනක බිළිඳකුගේ උදරයෙන් කම්බි කෑලි කීපයක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මන්සූරා විශ්ව විද්‍යාල ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායම කම්බි කෑලි ඉවත් කිරීමේ  අභියෝගය භාර ගෙන බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර ඇත.

සෙන්ටිමීටර් 3ක් පමණ දිග කම්බි කෑලි පහක් උදරයට හානියක් නොවන ආකාරයෙන්  ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS