බිලින්කන් සෞදි සංචාරයක



ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි සංචාරයක නියැලෙයි. ඇමෙරිකාව සහ සෞදිය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වෙයි.

බ්ලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අතරේ හමුවක් ද පැවැත්විණි. බයිඩන් පරිපාලනය යටතේ ඇමෙරිකාවත් සෞදියත් අතර සබඳතා දුර්වල තත්ත්වයක පවතී.

ඊට අමතරව, චීනය සෞදියට වැඩි වැඩියෙන් ළං වීම ඇමෙරිකාවේ නොසතුටට හේතුවක් වී ඇත. සෞදිය සහ ඉරානය අතර මේ වනවිට මිතුදම් වර්ධනය වී ඇත. එසේ වූයේ ද චීනයේ මැදිහත් වීමෙනි.

මැදපෙරදිග කලාපයේ තම මිතුරා ලෙස ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීමේ දී දිගටම සහාය අවශ්‍ය යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බයිඩන්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හමුවේ පැවැසුවේය.


RECOMMEND POSTS