බහරේන අගමැති අභාවප්‍රාප්ත වෙයි



දිගු කාලයක් තිස්සේ බහරේනයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙයික් කලිෆා බින් සල්මාන් අල් කලීෆා අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මියයන අවස්ථාව වනවිට සල්මාන් අල් කලීෆා 84 හැවිරිදි වියෙහි පසුවිය. දිගු කලක් තිස්සේ පැවැති අසනීප තත්ත්වය හේතුවෙන් සල්මාන් අල් කලීෆා පසුගිය මාස කීපයේ ඇමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත්, එසේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී අග්‍රාමාත්‍යවරයා දිවියෙන් සමුගත් බවත් බහරේන් රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සල්මාන් අල් කලීෆා වසර 50 කට වැඩි කාලයක් බහරේනයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රාජ්‍ය නායකයකු ලෙස සල්මාන් අල් කලීෆා සැලකෙයි. දේහය බහරේනයට ගෙන්වා ගැනීමට නියමිත බව ද රජ මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

බහරේන රජු ෂෙයික් හමාද් බින් ඊසා අල් කලීෆා සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටත් බහරේන ධජ අඩකුඹු කර තැබීමටක් උපදෙස් ලබා දී තිබේ. 1783 වසරේ සිට බහරේනය පාලනය කරන්නේ කලීෆා රජ පවුලය.

මනාමාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS