බස් රථ අනතුරෙන් 23ක් මරුට



ඊජිප්තුවේ සිදු වු බස් රථ අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

මින්යා නගරය ආසන්නයේදී මෙම අනතුර සිදු වී ඇති අතර, පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

තුවාලකරුවන් කයිරෝ අගනුවරට දකුණින් කිලෝමීටර් 260 ක් පමණ දුරින් පිහිටි මල්ලාවි නගරයේ රෝහලට මාරු කර යවා ඇත.

දකුණු ඊජිප්තුවේ සොහාග් නගරයේ සිට කයිරෝ බලා ධාවනය වූ බස් රථය පාර අයිනේ නවතා තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online කයිරෝ නුවර)

RECOMMEND POSTS