බබාට වකුගඩු 4 ක් !!



ඊජිප්තුවේ මාස හතරක පිරිමි බිළිදෙකුට වකුගඩු හතරක් ඇති බව සොයා ගෙන ඇත.

මෙම තත්ත්වය “Bilateral Duplex Kidneys” නමින් හඳුන්වන අතර, උපත් 10,000 කින් එකකට වඩා අඩු ගණනක සිදු වේ.

දරුවා වෙහෙසට පත්ව සිටින බව දෙමාපියන් දැකීමෙන් පසු, ඊජිප්තුවේ අල්-අරිෂ් මහ රෝහලට ඇතුළත් කර ඇත.

දරුවාට වකුගඩු හතරක් ඇති බව “Ultrasound” පරීක්ෂණයකින් සොයා ගෙන ඇති අතර, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දරුවා සිටින බව අල්-අරිෂ් මහ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS