බංග්ලාදේශ වැසියෝ 57 ක් එමිරේට්ස් හිරේ



බංග්ලාදේශ රජයට එරෙහිව, ගල්ෆ් කලාපීය රටවල විරෝධතා සංවිධානය කළ සහ විරෝධතා පැවැත්වූ එම රටවල සිටින බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් සිරදඬුවම් නියම කර තිබේ.

විරෝධතා පැවැත්වීම, ජනතාව ඒකරාශී කිරීම, කලකෝලහාල කිරීම යන චෝදනා සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කෙරුණි.

එම පිරිස අතරින් තිදෙනෙකුට ජීවිතාන්ත සිරදඬුවමක් ද 53 දෙනකුට වසර 10 බැගින් සිරදඬුවම් ද තවත් එක් අයකුට වසර 11ක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියමකරනු ලැබ ඇත. සිරදඬුවම් අවසන් වීමෙන් පසු එම බංග්ලාදේශ ජාතිකයන් පිරිස ආපසු බංග්ලාදේශයට පිටුවහල් කරන බව ද අධිකරණය නියෝග කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 90ක් පමණ සිටින්නේ විදේශිකයන් වන අතර, එරට සිටින බංග්ලාදේශ ජාතිකයන් තුන්වන විශාලතම විදේශගත කණ්ඩායම යැයි පැවැසෙයි.

 


RECOMMEND POSTS