පොලිස් වෙසින් සොරකම් කරලා



පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සොරකම් කළ පුද්ගලයෙකු ඕමාන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු නවතා පොලිස් නිලධාරියකු බව අඟවා බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසු එම පුද්ගලයා සතුව තිබු මුදල් සොරකම් කර ඇත.

ඉන්පසු, පොලීසියට පැමිණිලි කර ඇති අතර,පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

සියළු නීතිමය ක්‍රියා පටිපාටි අවසන් වෙමින් පවතින බව  රාජකීය ඕමාන් පොලිසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS