පෙසෙෂ්කියන් දිවුරුම් දෙයි



ඉරාන නව ජනාධිපති ලෙස පසුගිය ජනාධිපතිවරණයෙන් තේරී පත් වුණු මසූඞ් පෙසෙෂ්කියන් දිවුරුම් දුන්නේය. 

ඉරානයේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස පෙසෙෂ්කියන් ශුද්ධ වූ කුරාණය මත අත තබා දිවුරුම් දුන්නේ ඉරාන පාර්ලිමේන්තුව ඉදිරියේය. මසූඞ් පෙසෙෂ්කියන් ඉරාන ජනාධිපති ධුරයට පත්වුණු මධ්‍යස්ථමතධාරියෙකි.

විදෙස් රටවල නියෝජිතයන් බොහෝ දෙනෙක් ඉරාන රජයේ ඇරැයුම පිළිගනිමින්, දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වූහ. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මියගිය හමාස් නායක ඉස්මායිල් හානියේ ද ඒ අතරේ සිටියේය. ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෙසෙෂ්කියන් සහ හානියේ අතරේ විශේෂ කතාබහක් ද පැවැත්විණි.

ඉරානයේ තෙහෙරාන් අගනුවර සිටිද්දී හමාස් නායක ඉස්මායිල් හානියේ ඝාතනය වීම ඉරානයේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් බව නව ජනාධිපති පෙසෙෂ්කියන් පැහැදිලි කර තිබේ.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS