පුටින්ගේ මැදපෙරදිග සංචාරය අවසන්



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, එක් දින සංචාරයක් ආරම්භ කරමින්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත්, සෞදි අරාබියටත් පැමිණීයේය. පුටින්ගේ නිල ගුවන් යානය, මැදපෙරදිග බලා පැමිණියේ එරට ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා හතරක් වට කර ගනිමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පළමුවෙන් පුටින් පැමිණියේ එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි අගනුවරටය. මේ වනවිට ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුව පැවැත්වෙන්නේ ද අබුඩාබි නුවරය. ඊට විදෙස් නායකයන් සහ නියෝජිතයන් බොහෝ දෙනකු සහභාගී වෙයි. කෙසේ නමුත් පුටින් සමුළුවට සහභාගී වූයේ නැත.

පුටින් සෞදිය බලා පිටත්ව ගියේ ඉන්පසුවය. එමිරේට්ස් සහ සෞදි නායකයන් හමුවී, පුටින් කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS