පුටින් තුර්කියට එනවා



ලබන අප්‍රේල් 27 වැනිදා, රුසියන් ජනාධිපති පුටින්, තුර්කියට පැමිණෙනු ඇති බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබේ.

රුසියන් ජනාධිපති පුටින්, තුර්කිය බලා පැමිණෙනු ඇත්තේ තුර්කියේ ඉදි කෙරුණු පළමු න්‍යෂ්ටික බලාගාරය විවෘත කිරීමටය. තුර්කිය මෙම බලාගාරය ඉදි කර ඇත්තේ රුසියාවේ සහාය ඇතිවය.

කෙසේ නමුත් රුසියන් ජනාධිපති පුටින් තුර්කි සංචාරයක නියැලෙන බවක් ක්‍රෙම්ලීනය මෙතෙක් තහවුරු කර නැත.

(අල් ජසීරා)


RECOMMEND POSTS