ප්‍රහාරයට ඉන්දු ඊශ්‍රායල ගනුදෙනු හේතුවක්



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා, ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමට එක් හේතුවක් විය හැක්කේ, ඉන්දියාව සහ මැදපෙරදිග කලාපීය රටවල්, යුරෝපය හරහා නිර්මාණය කිරීමට සැරැසෙන ‘ආර්ථික කොරිඩෝව’ යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.

‘මේ සම්බන්ධයෙන් මට සහතික වෙන්න බෑ. මට ඔප්පු කරන්න සාක්ෂි නැහැ. ඒත් ඉන්දියාවත් ඊශ්‍රායලත් යුරෝපය හරහා දුම්රිය, ගොඩබිම් මාර්ග සහ නැව් මාර්ග උපයෝගී කර ගනිමින්, වෙළෙඳ ව්‍යාපෘතියක් සැලැසුම් කර තිබෙනවා. එය කලාපීය ඒකාබද්ධතාවක් ඇති කිරීමට හේතුවක් වෙවි.

එසේ කලාපීය ඒකාබද්ධතාවක් ඇති වීම හමාස් සටන්කාමීන්ට තර්ජනයක්. ඔවුන් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන්නේ ඒ නිසයි.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

මේ වනවිට ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සිටින්නේ ඇමෙරිකාවේ නිල සංචාරයකනට එක් වෙමිනි. ඇමෙරිකන් ජනාපධිති බයිඩන් සහ ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍යවරයා අතරේ කලාපීය සහ ගෝලීය අර්බුද සම්බන්ධයෙන් ද වෙළෙඳ සහ ආරක්ෂක ගනුදෙනු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

ජනාධිපති බයිඩන් ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීමක් කළේ ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍යවරයා සමඟ එක් වී මාධ්‍ය හමුවක් පැවැත් වූ අවස්ථාවේදීය.


RECOMMEND POSTS