ප්ලාස්ටික් බෝතල්වලින් ඇඳුම් හදයි



ප්ලාස්ටික් බෝතල්වලින් ඇඳුම් නිර්මාණය කිරීමට ඩුබායි සමාගමක් කටයුතු කරන බව වාර්තා වේ. මෙම වසර තුළ ප්ලාස්ටික් බෝතල් බිලියනයක් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරමින් ඇඳුම් නිර්මාණය කිරීමට එම සමාගම අපේක්ෂා කරයි.

ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පසු පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර, පරිසර හානියද අවම වේ.

ප්‍රතිචක්‍රීකරණය කරන ලද බෝතල් වලින් සාදන ලද ඇදුම් සාම්ප්‍රදායික පොලියෙස්ටර් ඇඳුම්වලට සාපේක්ෂව සියයට 12 සිට 15 අඩු මිලකින් මිලදී ගත හැකිය.

නිෂ්පාදන ක්‍රියාවලිය පරිසර හිතකාමී එකක් බව කළමනාකාර සමාගමේ අධ්යක්ෂවරිය වන එමා බාබර් ප්‍රකාශ කළා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS